May 07, 2024

ඡන්ද පෙට්ටි ප්‍රවාහනය කළ ජීප් රිය අනතුරක

හෙට (08) පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා නුවරඑළිය ගාමිණී විද්‍යාලයේ සිට ගිනිගත්හේන මිනුවන්දෙණිය දක්වා ඡන්ද පෙට්ටි ප‍්‍රවාහනය කළ ජීප් රථයක් අනතුරට පත්වීමෙන් ජ්‍යෙෂ්ඨ ඡන්දපොල භාර නිළධාරියා ඇතුළු තවත් නිළධාරීන් දෙදෙනෙකු ඇතුළු පොලිස් කොස්තාපල්වරයෙකු තුවාල ලබා තිබේ. 

හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ වටවල පොලිස් ස්ථානයට නුදුරින් අද (07) දහවල් 12.30 ට පමණ කිතුල්ගල සිට හැටන් දක්වා ධාවනය වූ ලොරියක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. 

එම නිළධාරීන්ගේ තත්වය බරපතල නිසා එම ඡන්දපොලට වෙනත් වාහනයක් හා නිළධාරීන් පත්කිරීමට නුවරඑළිය සහකාර මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කර තිබේ. 

අනතුරින් ජීප් රථයටද දැඩි අලාභ හානි සිදුවී ඇති අතර අනතුර පිළිබඳව වටවල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

හැටන් - රංජිත් රාජපක්ෂ

 

Rate this item
(0 votes)