May 07, 2024

ජනපති ලෙස්ටර් ජේම්ස් හමුවෙයි

ප්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාව හමු වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (06) පස්වරුවේ ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පීරිස් මැතිතුමා සමඟ සුහද පිළිසඳරක යෙදුණු ජනාධිපතිවරයා එතුමාට නිදුක් නිරෝගී සුව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් සුබ පැතුවේය. 

මේ අවස්ථාවට ජනප්‍රිය නිළි මාලිනී ෆොන්සේකා මහත්මිය හා ප්‍රවීණ කලාකරුවන් රැසක් එක් ව සිටියහ.

Rate this item
(0 votes)