May 07, 2024

ඡන්දෙට ගෙනා ලක්ෂ 08 ක මත්පැන් හසු වේ 

තලවාකැලේ සිට හැටන් හරහා ගිනිගත්හේන දක්වා මෙරට නිෂ්පාදනය කරන ලද රජයේ අනුමත මත්පැන් බෝතල් හත්සිය අනූපහක් (795) ප‍්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් සිව්දෙනෙකු හැටන් පොලීසිය මගින් ඊයේ (06) රාත‍්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.

කුඩා ලොරි රථයක සූක්ෂම ලෙස අසුරා මෙම මත්පැන් තොගය රැගෙන යමින් තිබීය දී හැටන් පොලීසිය ස්ථාපිත මල්ලිඅප්පුව ප‍්‍රදේශයේ පොලිස් මාර්ග බාධකයේ දී මෙම මත්පැන් බෝතල් තොගය අත්අඩංගුවට ගත් බව හැටන් පොලීසිය ප්‍රකාශ කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා මස්කෙළිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන්වන අතර එක් කාන්තාවක් ද සිටින බවත් මෙම මත්පැන් බෝතල් තොගය තේ වතු ආශ‍්‍රිතව ඡන්ද දායකයින් වෙත බෙදා හැරීම සඳහා රැගෙන යමින් තිබූ බවට මේ වනවිට තොරතුරු අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් මෙම මත්පැන් බෝතල් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ අටක්වන බවත් අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් තොගය, සැකකරුවන් සිව් දෙනා සහ කුඩා ලොරි රථය අද (07) හැටන් මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බවත් හැටන් පොලීසිය පවසයි.

හැටන් - රංජිත් රජපක්ෂ 

Rate this item
(0 votes)
Last modified on Wednesday, 07 January 2015 10:10