May 07, 2024

තොණ්ඩමන් සමග ප්‍රේමලාල් පැන ගිහින් 

වෙඩි තැබීම් හා පහරදීමේ සිදුවීම්වලට චෝදනා ලබා අත්අඩංගුවට ගැනීමට නියෝග ලබා සිටින විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර හා පළාත් අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතා අදාළ පොලිස් බල ප්‍රදේශ තුළ නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.

එහෙත් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක බව හෙතෙම සඳහන් කළේ ය.

එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් තිදෙනෙකුට වෙඩි තබා තුවාල සිදු කිරීමට අදාළව පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග නිකුත් කර ඇති විදුලිබල නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු අනෙක් දෙදෙනාත්, ලිපි බෙදන්නෙකුට පහරදීම සම්බන්ධයෙන් බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය ඌව පළාත් සභා අමාත්‍ය සෙන්දිල් තොණ්ඩමන් මහතාත් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් සිටින බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මේ වනවිට මෙම පිරිස අදාළ පොලිස් බල ප්‍රදේශ තුළ නොමැති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් තිදෙනෙකුට වෙඩි තබා බරපතළ තුවාළ සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, සබරගමු පළාත් සභා මන්ත්‍රී අරුණ නිලන්ත, කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති වජිර දර්ශන යන පුද්ගලයින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස 03 වැනි දා පැල්මඩුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේ ය. 

Rate this item
(0 votes)