May 07, 2024

මැතිරවණ සමය ගැන UN මහලේකම් නිතර දැනුවත් වෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බෑන් කී මූන් මහතා මෙරට මැතිවරණය පිළිබඳව නිරතුරුවම දැනුම්වත් වන බව ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ස්ටීෆන් දුෂාරික් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණ සමයේ වාර්තා වන සිද්ධීන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

සුළු ජාතීන් ඇතුළු සියලු දෙනාට ඡන්දය ප්‍රකාශ කිරීමේ පුළුල් ඉඩකඩ සමග ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සාමකාමී ලෙස පැවැත්වෙනු ඇතැයි මහ ලේකම්වරයාගේ අපේක්ෂාව බවද එහි සඳහන්.

Rate this item
(0 votes)