May 07, 2024

දැනුවත් නොකර තැපැල් ඡන්දය අරන් - නිරීක්ෂකයින්

උතුරේ රාජකාරියේ නිරත සිවිල් ආරක්ෂක පිරිසට සිය තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට සිදුව තිබුණේ එම කඳවුරු භාර නිලධාරීන් ඉදිරියේ බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථාන පවසයි.
එම සේවකයන්ගේ අනුමැතියකින් තොරව තැපැල් ඡන්දය සඳහා අයදුම්පත්‍ර යොමුකර තිබුණු බවත් තැපැල් ඡන්දය ප්‍රකාශ කර ඡන්ද පත්‍රිකාව බහාලුමට දමා මුද්‍රා තබන ආකාරය ගැන ඔවුන්ට අවබෝධයක් ලබා දී නැති බවත් එම සංවිධානය සඳහන් කළේය.
 

Rate this item
(0 votes)