May 08, 2024

AirAsia යානයක් හදිසියේ කටුනායකට ගොඩබායි

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණි ඒයාර් ඒෂියා යානයක් හදිසියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පියාසර කර තිබේ.

ඒ චෙන්නායි හි පැවති දැඩි මීදුම් සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ. චෙන්නායි ගුවන් තොටුපොළ අවට දැඩි මීදුම් තත්ත්වයක් පසුගිය දින කිහිපය පුරාම පැවතී බවද සඳහන්.

චෙන්නායි වෙත ගොඩබැස්වීමට තිබූ AK11 දරණ මෙම යානයේ මගීණ් 168 දෙනෙකු එම අවස්ථාවේදී සිට ඇති අතර, යානය නිරුපද්‍රිතව කටුනායක වෙත ගොඩබස්වා ඇති බවද ඉන්දීය මාධ්‍ය පෙන්වා දේ.

Rate this item
(0 votes)