May 07, 2024

එකම කඳවුරක් දෙකට බෙදිලා - කුමාර් ගුණරත්නම්

එකම කඳවුරක් දෙකට බෙදී ජනතාව රවටමින් සිටින මෙවන් මොහොතක ජනතාව ඊට ගොදුරුවීම වළක්වා ගත යතුව ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් පැවසීය.

කුමාර් ගුණරත්නම් එසේ කියා සිටියේ යාපනයේ ග්‍රීන්ග්‍රාස් හෝටලයේ පැවති සාකච්ඡාවක් සඳහා එක් වෙමින්.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ කුමාර ගුණරත්නම් කියා සිටියේ “එකම කඳවුරක් දෙකට ඛෙදිලා, ජනතාව රවටන වෙලාවක්. ජනතාව ඒකට ගොදුරු වන වේලාවේ ඔවුන් වළක්වා ගන්න තමයි වමේ වැඩපිළිවෙලක් සමඟ වමේ පෙරමුණ මෙවර ජනාධිපතිවරණවට ඉදිරිපත් වෙලා තියෙන්නේ. මේක ඉතිහාසය පුරා සිද්ධ වෙච්ච තත්වයක්. අවුරුදු 66 ක් තිස්සේ සිද්ධ වෙච්ච තත්වයක්. අවුරුදු 66ක ශේෂපත්‍රය බැලූවම පේනවා වමේ මුස්ලිම් පීඩිත ජනතාවට මේකෙන් ලැබුණු දෙයක් නැහැයි කියලා. ආර්ථීකය දිහා බලන්න. මන්ද පෝෂණය, දුප්පත්කම වැඩි වෙලා. ප්‍රජාතන්ත්‍රවාදය දිහා බලන්න. මේ ආණ්ඩුව යටතේ අවම ප්‍රජාතන්ත්‍රයවත් ආරක්ෂා වෙලා නැහැ.

ජාතික ප්‍රශ්නය අන් කවරදාටවත් වඩා දරුණු වෙලා. ජාති වාදය හිණි පෙත්තටම නැඟලා තියෙන්නේ. දෙමළ, මුස්ලිම් ජනතාවට එරෙහි පීඩනය වැඩි වෙලා. අපි හැම වෙලේම තාවකාලික වෙනස්කම් ගැන සිතුවා. ඉස්සර අවුරුදු පහෙන් පහට අපි අනාගතය බිලි දුන්නා. ඊට පස්සේ අනූ හතරේදී දාහත් අවුරුදු ශාපයක් නවත්තන්න අපේ අනාගතය බිලි දුන්නා. අවුරුදු 20කින් පස්සේ ආයිත් ඒකම කරන්න කියනවා. මේ එකම කඳවුරු දෙකට බෙදිලා කතා කරන්නේ අපේ ප්‍රශ්නය නෙවෙයි.

දෙමළ ජාතික සංවිධානය පැකිලීමක් තොරව ප්‍රතිපත්ති විරහිතව සන්ධාන ගත වෙන්න ගිහින් තියෙනවා. අපි තාවකාලික සහනයක් වෙනුවට දිගුකාලීන වැඩපිළිවෙලක් වෙනුවෙන් පෙළ ගැසෙමු”. යනුවෙනි.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 06 January 2015 18:06