May 01, 2024

විහාරමහාදේවි උද්‍යානය අසලදී පුද්ගලයෙකු ගිනි තබාගනී

කොළඹ විහාරමහාදේවි උද්‍යානය ඉදිරිපිටදී පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන ඇතැයි පොලීසිය පවසයි.

අප කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ඒකකය පැවසූවේ විහාරමහාදේවී උද්‍යානය අසල එෆ්.ආර් සේනානායක මාවතේ පිහිටි බුදු පිළිමය ඉදිරිපිටදී අද (05) අළුයම 05.00ට පමණ පුද්ගලයෙකු භූමිතෙල් සිරුරට දමාගෙන ගිනි තබාගෙන ඇති බවයි.

මෙලෙස ගිනි තබාගෙන ඇත්තේ කොට්ටාව, පන්නිපිටිය ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 72ක පුද්ගලයෙකි. අධික පිළිස්සුම් තුවාල ලැබූ මෙම පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

කුරුදුවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

Rate this item
(0 votes)