May 01, 2024

වැලිමඩ උප සභාපති ඇතුළු මන්ත්‍රීවරු තිදෙනෙකු මෛත්‍රී පිලට

වැලිමඩ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් තිදෙනෙකු පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීමට විපක්ෂයට එක්විය.

ඒ අනුව වැලිමඩ ප්‍රාදේශීය සභාවේ උප සභාපති එච්.එන් ජයතිලක මහතා, බණ්ඩාර මිරාවත්ත මහතා, එම්. එච් නසාර් මහතා, ප්‍රභාත් ගුණසේකර මහතා ඇතුළු මන්ත්‍රීවරුන් මෙලෙස විපක්ෂයට එක්විය.

කෙසේවෙතත් මෙම පිල් මාරුව හේතුවෙන් වැලිමඩ ප්‍රාදේශීය සභාවේ වැඩි බලය විපක්ෂයට හිමිව තිබේ.

වැලිමඩ - ප්‍රේමලාල් රත්නායක

 

Rate this item
(0 votes)
Last modified on Monday, 05 January 2015 09:30