May 01, 2024

මෛත්‍රීගේ කහවත්ත වේදිකාවට වෙඩි - දෙදෙනෙක් රෝහලේ

පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කහවත්ත නගරයේ ඡන්ද රැලියකට වේදිකාව ඉදිකරමින් සිටි පිරිසකට අද අලුයම වෙඩි තබා ඇත.එහිදී වේදිකාව අසල සිටි දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
වාහන 6කින් පැමිණි පිරිසක් ප්‍රහාරය සිදු කර ඇති බවත් මැරයන් හා ජීප් රියක් හඳුනාගෙන ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
Rate this item
(0 votes)