May 01, 2024

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අදින් අවසන්

2015 ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු අද (05) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වන බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු කිසිදු මැතිවරණ කොට්ඨාස මට්ටමේ මධ්‍යගත කාර්යාලයක, ඡන්ද ප්‍රදේශ කාර්යාලයක හෝ කිසිදු අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක ප්‍රචාරක පුවරු, පෝස්ටර් හෝ සැරසිලි ප්‍රදර්ශනය කළ නොහැක.  

ඡන්ද කොට්ඨාස මට්ටමින් දැනට පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාල 06 වැනි දා මධ්‍යම රාත්‍රිය තෙක් පවත්වාගෙන යා හැකි නමුත් ඒවායේ ප්‍රචාරක කටයුතු ද අද මධ්‍යම රාත්‍රියෙන් පසු පවත්වාගෙන යා නොහැකි බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වන අවසන් ප්‍රධාන මහජන රැලිය අද පස්වරු 4.00ට පිළියන්දල නගරයේදී පැවැත්වේ. ඊට අමතරව ජනාධිපතිවරයා සහභාගී වන ජනරැළි තුනක් අද පෙරවරු 10.00ට තිස්සමහරාම නගරයේදීද, පස්වරු 2.00ට අම්බලන්ගොඩ නගරයේදීද පස්වරු 3.00ට මතුගම නගරයේදීද එම ජනරැළි පැවැත්වේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වන අවසන් ප්‍රධාන ජනරැළිය අද පස්වරු 6.00ට මරදාන ටවර් රඟහල ඉදිරිපිටදී පැවැත්වේ. ඊට අමතරව පෙරවරු 9.00ට කහවත්ත නගරයේදීද, පෙරවරු10.00ට ඇඹිලිපිටිය නව නගරයේදීද, පස්වරු 2.00ට දෙවිනුවර නගරයේදීද, පස්වරු 3.00ට ගාල්ල නගරයේදීද, පස්වරු 4.00ට කළුතර නගරයේදීද, පස්වරු 5.00ට මොරටුව නගරයේදීද මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගීවන ජනරැළි පැවැත්වීමට නියමිතය.   

 

Rate this item
(0 votes)