May 01, 2024

මොණරාගල ගම්මාන හතරක් අදුරෙන් එළියට

මෙතෙක් විදුලිය නොමැතිව සිටි මොණරාගල දිස්ත්‍රික්කයේ මකුල්ආරගම, සුදුවුමරආර, බටල්කුඹුර හා මීගහයාය ගම්මානයන්වල ජනතාවට ‘මුළු රටටම විදුලිය’තේමාව යටතේ විදුලිය සැපයිනි.

මෙම ගම්මානයන් සඳහා නව විදුලිය ලබාදීම ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම අවස්ථාවට අදහස් දක්වමින් ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා සඳහන් කළේ අදාළ විදුලි ව්‍යාපෘතිය සඳහා වැය වූ මුදල එම ප්‍රතිලාභ ලබන ජනතාව සමග සසඳා බැලූ විට එක් පවුලකට විශාල මුදලක් වියදම් වී ඇති බවත් විපක්ෂයේ දැක්මටඅනුව එය අනවශ්‍ය වියදමක් නම් ග්‍රාමීය ජනයාට කිසි දිනෙක විදුලිය නොලැබෙන බවය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 04 January 2015 19:04