May 01, 2024

හෙට අනිද්දා පිල් මරුවක් නිසැකයි - ඇමති ඩිව්

ඉතිහාසයේ තිබූ කිසිදු මැතිවරණයකට මෙවර ජනාධිපතිවරණය තරම් පිල් මාරු නොකර බව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ අද (04) ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය උදෙසා හැටන් නගර සභා ශාලාවේ පැවති කොමියුනිස්ට් පක්ෂ රැස්වීමකදීය. 

ඉතිහාසයේ පැවති මැතිවරණවල සිදු නොවූ ආකාරයකට මෙවර ජනාධිපතිවරණයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්, කැබිනට් ඇමතිවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, පළාත් සභා සහ නගර සභා මන්ත‍්‍රීවරුන් පක්ෂයේ පිල්මාරු කරන බව ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයා පැවසී ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ. පක්ෂදෙකේම තවත් මන්ත‍්‍රීවරු පිරිසක් අද රාත‍්‍රීයේ සහ 5,6යන දිනවල පිල් මාරුවකට සූදානම් බවයි. 

මෙම පිල්මාරුව කොහොන් කෙලවර වෙයිද තමන් නොදන්නා බවත් පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මන්ත‍්‍රීවරුන් පිල්මාරු කළාට ඡන්දදායකයන්ගේ ස්ථාවරය වෙනස්වී නොමැති බවයි.

හැටන් - රංජිත් රාජපක්ෂ 

 

 

Rate this item
(0 votes)