May 08, 2024

වකුගඩු රෝගයට වගකිව යුත්තේ රජයයි - මෛත්‍රීපාල

වකුගඩු රෝගීන් විශාල ප්‍රමාණයක් අදවන විට රටතුළ සිටින බවත් ඒ සදහා වගකිව යුත්තේ වර්තමාන ආණ්ඩුව බවත් විපක්ෂයේ පොදු අපේකෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (03) මහියංගනයේදි පැවති ජනරැලියකදීය.

බටහිර සමාගම් විසින් ගෙන එන කෘමිනාශක හා විෂ සහිත පොහොර ඊට හේතු වි ඇති බවත් රුපියල් 350 වැනි මුදලකට ලබා දෙන පොහොරවල කිසිම ප්‍රමිතියක් නොමැති බවත් මෛත්‍රී පාලනයක් තුළදී ප්‍රමිතියෙන් ඉහල පොහොර එම මිලටම ලබා දීමට කටයුතු කරන බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.

රජය විසින් දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවීමට කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකර විදේශිය රටවලින් එළවළු හා පලතුරු මෙන්ම ධාන්‍ය වර්ගද ආනයනය කරමින් සිටින බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

 

Rate this item
(0 votes)