May 07, 2024

බෙලිඅත්තේදී සජිත් අගමැතිකම ගැන කියයි

බෙලිඅත්ත ප්‍රදේශයේ පැවැති ජනහමුවකට එක්වෙමින් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි සජිත් ප්‍රේමදාස මහතා අගමැති සිහිනය පිළිබඳ මෙසේ පැවසීය.

"එස්.එම්.එස්. ,ෆේස් බුක් , ට්විටර් , අන්තර්ජාලය හරහා රට පුරාවටම මේ සිද්ධිය ගිහින් තියෙනවා. මැතිවරණ ප්‍රචාරක වැඩකටයුතුවල දැන් අලුත්ම තුරුම්පුව මේක.ඒ තමයි සජිත් ප්‍රේමදාස අගමැතිකම ගන්න ආණ්ඩුවට එක් වෙනවයි කියන කතාව. මේක තමයි මේ සියවසේ ලොකුම විහිලුව. ඒ නින්දිත ප්‍රචාරයට මම එකක් කියන්න කැමතියි.රට පරිහානියට ලක්කරන මේ වර්තමාන රජයේ කප්පිත්තන්ට මොහොතකට හිතෙනවද පක්ෂය වෙනුවෙන් දිවිපිදූ තාත්තගේ ආත්මය පාවාදීලා මේ සජිත් පුතා යූ.ඇන්.පිය දමලා යයි කියලා." යැයි ඔහු පැවැසීය.

 

Rate this item
(0 votes)