May 08, 2024

නයිනමඩම සිව් පුද්ගල ඝාතනයේ සැකකරු මා ඔයට පැන මරුට 

වෙන්නප්පුව, නයිනමඩම ප්‍රදේශයේ එකම පවුලේ සිවු දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන එම නිවසේ මුරකරු මා ඔයට පැන සියදිවි හානිකරගෙන ඇතැයි පොලීසිය පවසයි.

සැකකරු හා ඔහුගේ බිරිද ඊයේ (03) පෙරවරුවේ ගලේවෙලදී අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවසුවේ ඝාතනයට යොදාගත් පොරවක් සොයා ගැනිම සඳහා මිගමුව, තෝප්පුව ප්‍රදේශයට රැගෙන ගිය අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගෙන් මිදි ඔහු තෝප්පුව පාලමෙන් ඔයට පැන ඇති බව ය.

එහිදි ඇතිවූ පොර බැදිමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කිහිප දෙනෙකු ද තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

සැකකරුගේ සිරුර මේ වනවිට ගොඩගෙන ඇති අතර එය මාරවිල රෝහලේ තැන්පත් කර ඇත.

වෙන්නප්පුව, නයිනමඩම ප‍්‍රදේශයේදී ඝාතනයට ලක්වූ සිව්දෙනාගේ මළ සිරුරු පසුගිය 01 වනදා ප්‍රදේශයේ පොල් ලෙලි වළකින් සොයාගනු ලැබිණි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකු බව  පොලීසිය පැවසී ය.

 

Rate this item
(0 votes)