May 03, 2024

මධ්‍යම පළාත් සභාවේ තවත් පුටුවක් මෛත්‍රීට

මධ්‍යම පළාත් සභාවේ සන්ධාන මන්ත්‍රී ආර්.ජී. සමරනායක මහතා අද (03දා) පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දැක්විම සඳහා විපක්ෂයට එක් විය.

මන්ත්‍රී ආර්.ජී. සමරනායක මහතා  කුණ්ඩසාලේ හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකද විය.

ඔහු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සමග එක්ව පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මෙලෙස මෛත්‍රී පිළ හා එක් වී ඇත.

Rate this item
(0 votes)