May 02, 2024

ඇමතිවරු 10කට ඇබැර්තු ඇත

ආණ්ඩු පක්ෂයේ ඇමතිවරුන් හා නියෝජ්‍ය ඇමතිවරුන් පිරිසක් විපක්ෂයට එකතුවිම හේතුවෙන් , කැබිනට් ඇමතිධුර 5 ක් සහ නියෝජ්‍ය ඇමතිධූර 5 ක් පුරප්පාඩු වී ඇත. රාවුෆ් හකීම් මහතාගේ ඉවත්වීමෙන් අධිකරණ හා නීති ප්‍රතිසංස්කරණය අමාත්‍ය ධුරයද , බසීර් සේගු දාවුද් මහතාගේ ඉවත්වීමෙන් එලදායිතා ප්‍රවර්ධනය අමාත්‍ය ධූරයද , පාඨලි චම්පික රණවක මහතාගේ ඉවත්වීමෙන් තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යධුරයද , නවීන් දිසානායක මහතාගේ  ඉවත් වීමෙන් රාජ්‍ය කළමනාකරණ ප්‍රතිසංස්කරණ ඇමති ධුරයද දුමින්ද දිසානායක මහතාගේ ඉවත්වීමෙන් අධ්‍යාපන සේවා ඇමතිධුරයද පුරප්පාඩු වී තිබේ. 
 
මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වු සෞඛ්‍ය අමාත්‍යධුරයට පමණක් තිස්ස අත්තනායක මහතා පත්කර ඇති අතර , ඉතිරි කැබිනට් අමාත්‍ය ධුර 5ට මෙතෙක් පත්වීම සිදුකර නැත.
   
 
Rate this item
(0 votes)
Last modified on Saturday, 03 January 2015 12:52