May 02, 2024

මහින්ද සමග මෛත්‍රී විකිණේ

ලංකා මැතිවරණ ඉතිහාසයේ වාර්තා වූ දැවැන්තම ලංසුව මෙවර මැතිවරණය වෙනුවෙන් තබා ඇති බව වාර්තා වේ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන පරිදි එය ශ්‍රී ලංකා වලංගු මුදලින් රුපියල් කෝටි සියයකි (රුපියල් බිලියනයක්). මෙවර මැතිවරණයේ ප්‍රධාන අපේකෂකයන් දෙදෙනා වෙනුවෙන් ප්‍රබල ව්‍යාපාරිකයින් දෙදෙනෙකු  මෙම ලංසුව තබා ඇති බවද වාර්තා වේ.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක දී නීතිඥ මණ්ඩලයක් ඉදිරියේ ඉදිරි ජනාධිපතිවරණයේ දිනන අපේක්ෂකයා වෙනුවෙන් මෙම ඔට්ටුව හෙවත් ලංසුව තබා ඇති බවත් සඳහන්.

ඒ අනුව ලංකාව තුළ විවිධ ප්‍රධාන පෙළේ සමාගම් සහ විදේශ වත්කම් හිමි ව්‍යාපාරික කෝටිපතියෙකු විසින් ජනපතිවරයා වෙනුවෙන් එක් ලංසුවක් තබා ඇත. පොදු අපේක්ෂකයා වෙනුවෙන් ලංසු තබා ඇත්තේ එවැනිම තවත් කෝටිපති ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු රටේ ප්‍රබල දිස්ත්‍රික්කයක් නියෝජනය කරයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 03 January 2015 12:22