May 02, 2024

මෛත්‍රී ප්‍රතිපත්තියෙන් අධ්‍යාපනය හාන්සියි - නිදහස් ආචාර්ය සංගමය

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති මහින්ද චින්තන ප්‍රතිපත්ති මාලාවේ ලොව දිනන මග ප්‍රතිපත්තිය අද වනතුරුත් කිසිදු මාධ්‍යයකින් හෝ කිසිදු දේශපාලන වේදිකාවක හෝ සාකච්ඡාවක, ඝෘජුව හෝ වක්‍රාකාරයෙන් විවේචනයකට ලක්වී නැති බව  විශ්වවිද්‍යාල නිදහස් ආචාර්ය සංගමය පවසයි.
 
පොදු අපේක්ෂක සිරිසේන මහතාගේ ප්‍රතිපත්තිය මේවන විට දැඩි ලෙස විවේචනය වුනත් ඒ වෙනුවෙන් පොදු විපක්ෂයේ කිසිදු පිළිතුරක් නොමැති බව ද  එම සංගමය ප්‍රකාශකර සිටියි. වසර 2005 සිට විශ්වවිද්‍යාල ප්‍රජාව වෙනුවෙන් හා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ මහින්ද රාජපක්ෂ රජය මෙන් වෙනත් රජයක් බිහිවී නැති බවත් විශ්වවිද්‍යාල සියළුම ප්‍රජාව මේවන විට නිදහස් මානසිකත්වයෙන් කටයුතු කරන බවත් එම සංවිධානය වැඩි දුරටත් පෙන්වා දේ.
Rate this item
(0 votes)