May 07, 2024

ද්විත්ව පුරවැසිභාවය ඉල්ලන්න-ඒත්,ඉල්ලුම්පත් මුද්‍රණය කර නෑ

ද්විත්ව පුරවැසිභාවය ලබා ගැනීම සඳහා පසුගිය 31 වැනිදා සිට ඉල්ලුම් කළ හැකි බවට අදාළ බලධාරීන් විසින් ප්‍රචාරය කළද මෙතෙක්‌ ඒ සඳහා වන අයෑදුම්පත්‍රය සකස්‌ කර නැතැයි වාර්තා වේ.ද්විත්ව පුරවැසිභාවය ලබා දෙන බවට කරනු ලබන ප්‍රචාරය නිසා 31 වැනිදා සිට බොහෝ පිරිස්‌ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පුරවැසි අංශයට පැමිණ හිස්‌ අතින් ආපසු හැරී යන අයුරු දක්‌නට ලැබිණි. 
 
තමන් අපහසුතාවට පත්කිරීම සම්බන්ධව ඔවුන් දොස්‌ පවරමින් ආපසු හැරීයන බවද මේ නිසා තමන්ද දැඩි අපහසුතාවට ලක්‌ව සිsටින බවද ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්‌ පැවසූහ.
 
ද්විත්ව පුරවැසිභාවය අපේක්‍ෂා කරන විදෙස්‌ පුරවැසිභාවය ගත් ශ්‍රී ලාංකිකයන් මෙසේ අපහසුතාවට පත්කිරීම සම්බන්ධව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පාලකවරයෙක්‌ගෙන් කළ විමසීමේදී හෙතෙම කියා සිටියේ අදාළ අයෑදුම් පත්‍රය මෙතෙක්‌ ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සකස්‌ කර තමන් වෙත එවා නැති බවයි. 
 
කෙසේ වෙතත් ලබන බදාදා වන විට ද්විත්ව පුරවැරසිභාවය සඳහා වන අයෑදුම් පත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය ඔස්‌සේ ලබාගත හැකිවනු ඇතැයිද නියෝජ්‍ය පාලකවරයා ප්‍රකාශ කළේය. 
 
Rate this item
(0 votes)
Last modified on Saturday, 03 January 2015 16:28