May 08, 2024

"ඉදිරි දින පහේ තවත් ඇමති පහක් එනවා" -රාජිත

පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහය දැක්‌වීම පිණිස ආණ්‌ඩු පක්‍ෂයේ ඇමැතිවරුන් 5 දෙනකු සහ තවත් දේශපාලනඥයන් පිරිසක්‌ ඉදිරි දින 5 ඇතුළතදී ආණ්‌ඩුවෙන් ඉවත් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්‌තර රාජිත සේනාරත්න මහතා පවසයි.
ඒ සඳහා ඉදිරි දින කිහිපයේදී සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද පොදු අපේක්‍ෂක මෛත්‍රිපාල මහතාගේ ජය තහවුරු කිරීම සඳහා ඉදිරි දිනවල පැවැත්වෙන ප්‍රධාන ජන රැලිවලට ආණ්‌ඩු පක්‍ෂයෙන් පැමිණෙන මැති ඇමැතිවරුන් එක්‌වීමට නියමිත බව ද ඒ මහතා දිනපතා පුවත්පතකට සඳහන් කර ඇත.
 
ගම්පහ, කළුතර, මහනුවර යන දිස්‌ත්‍රික්‌ක නියෝජනය කරමින් පොදු අපේක්‍ෂකයාට සහය දැක්‌වීම පිණිස මැති ඇමැතිවරුන් ආණ්‌ඩුවෙන් ඉවත් වනු ඇතැයිද ඒ මහතා තවදුරටත් කීවේය.
Rate this item
(0 votes)