May 08, 2024

පැහැරගත් දරුවා මෛත්‍රීට විරුද්ධ දැන්වීමක

"මෛත්‍රීපාල ඇමතිතුමනි මගේ මව ගෙනත් දෙන්න මගේ මව සිරකරන්න එපා" යයි පවසමින්  රජයේ රූපවාහිනී ආයතනයක  විකාශය වූ ප්‍රවෘත්තියට අදාළ දරුවා පැහැරගෙන ගොස් දේශපාලන කටයුතුවලට යොදවන බවට ඔහුගේ මවගෙන් පොලිසියට පැමිණිලි ලැබී ඇත.තම දරුවා පැහැරගෙන ගොස් ඇතැයි පවසමින් මෙම මව  පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණිල්ලක් කර තිබේ.
 
ඇය පොලිස් හා කාන්තා කටයුතු කාර්යාංශයට ඉදිරිපත් කළ පැමිණිල්ලේ සඳහන් වන්නේ තම දරුවා සැමියා විසින් බලෙන් රැගෙන ගොස් කිසියම් පිරිසක් හා සිරකරගෙන තබා ගනිමින් මාධ්‍ය හරහා සිය දරුවා භාවිත කරමින් දරුවා මානසිකව හා කායිකව පීඩාවට ලක් කර ඇති බවයි.මේ පිළිබඳව කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේ සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කර සැකකාර පියා අත්අඩංගුවට ගන්නා ලෙසයි.
 
මෙම දරුවා පසුගිය දෙසැම්බර් මස 26දා සිය සැමියා විසින් රැගෙන ගිය බවත් පසුව ඔහු 30දා රූපවාහිනියේ දුටුබවත් මව කළ පමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වෙයි.
 
Rate this item
(1 Vote)
Last modified on Saturday, 03 January 2015 11:00