May 08, 2024

වදුරඹ පොලිස් ස්ථානාධිපතිට සේවය හැර යෑමේ නිවේදනයක්

වදුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එල්.කීර්තිසිංහ මහතා සේවය හැරගිය බව සඳහන් කරමින් ගාල්ල සහකාර පොලිස් අධිකාරී එල්.ආර්.කුමාරසිරි මහතා සේවය හැරයාමේ නිවේදනයක් අද (02) නිකුත් කර තිබේ.  

දේශපාලන ඇඟිලි ගැසීම් හේතුවෙන් තමන්ට නිසි පරිදි රාජකාරිය කළ නොහැකි යැයි පවසමින් පොලිස් සේවයෙන් ඉල්ලා අස්වූ බව පසුගියදා වදුරඹ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.එල්. කීර්තිසිංහ මහතා ප්‍රකාශ කළේය.

පොලිස් ස්ථානාධිපතිවරයා නියමිත පරිදි නිවාඩු අනුමත නොකර සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටීම හේතුවෙන් ඔහු සේවය හැරගියා සේ සළකන බව අදාළ නිවේදනය මගින් පෙන්වා දී ඇත.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රචාරක රැස්වීමක් වෙනුවෙන් වදුරඹ බස්නැවතුම් පොළ අසළ ඉදිකැර තිබූ වේදිකාවකට ගිනි තැබූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනකු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු විසින් රැගෙන යාමේ සිද්ධියෙන් පසු වදුරඹ ස්ථානාධිපතිවරයා තමන් පොලිස් සේවයෙන් ඉල්ලා අස්වන බව මාධ්‍යයට කියා සිටියේය.

Rate this item
(0 votes)