May 08, 2024

(Update) මෛත්‍රී ට එල්ල වූ ප්‍රහාරයෙන් තුවාලකරුවන් රැසක්

මෛත්‍රීපාල සිරිසේන මහතා සිය කතාව අරඹා කෙටි වෙලාවකින් වේදිකාව පිටුපස ප්‍රදේශයෙන් වේදිකාව දෙසට ගල් ප්‍රහාරයක් එල්ල වී ඇත.එම ගල් ප්‍රහාරය වේදිකාව ඉදිරියේ සිටි පිරිසකගේ ඇඟේ වැදී කිහිප දෙනෙකුට තුවාල සිදු වී ඇත්තේය.
පසුව එම ස්ථානයේ විශාල කලබලයක් ඇති වී තිබෙන අතර ආරක‍ෂක නිලධාරීන් මෛත්‍රීපාල සිරිසේන මහතාව ආරක්ෂාකාරීව ඉවතට ගෙන ගොස් තිබේ. ඉන් අනතුරුව රැස්වීමට පැමිණ සිටි පිරිස් ගල් ප්‍රහාරය එල්ලවු ගොඩනැගිල්ල දෙසට ගල්මුල් එල්ල කිරීමට පටන් ගෙන තිබේ. තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසියටද විශාල පරිශ්‍රමයක් දරන්නට සිදු වූ බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ.
මේ හේතුවෙන් තුවාල ලැබුවන් බොහෝ දෙනෙකු සිටින බවත් ඔහුන් දිව යෑම හේතුවෙන් වෙන් කර හඳුනා ගැනීමට පවා අපහසු තත්ත්වයක් ඇති වී තිබේ.
පැල්මඩුල්ල නගරයේ අද (02) රාත්‍රී 08.00 පමණ පැවති විපක‍ෂයේ පොදු අපේක‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගිවු ජන රැළියක මෙසේ ප්‍රහාරය එල්ල විය.
 

Rate this item
(0 votes)
Last modified on Friday, 02 January 2015 22:22