May 07, 2024

වරකාපොළ ඉන්ධනහලක බවුසරයක් ගිනි ගනී

වරකාපොළ නෙළුම්දෙණිය ප්‍ර දේශයේ ඉන්ධනහලක ඉන්ධන බවුසරයක් ගිනි ගැනීමෙන් කොළඹ නුවර මාර්ගය තාවකාලිකව නෙළුම්දෙණියෙන් වසා ඇත.

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ වරකාපොළ නෙළුම්දෙණිය ඉන්ධන අලෙවිසැලක ඉන්ධන පිරවීම් සිදු කරමින් සිටි ඉන්ධන බවුසරයක් හදිසියේ පිපිරීමෙන් ගිනි ගෙන ඇති බවයි.

ඒ හේතුවෙන් එම ඉන්ධන බවුසරයේ හටගත් ගින්න ඉන්ධන පිරවුම්හල තෙක් පැතිරීගොස් ඇති බවත් පොලිසිය හා ගිනි නිවීමේ අංශ ගින්න මැඩපැවතවමින් සිටින බවත් වාර්තා වේ.

ගින්නට හේතුව තවමත් අණාවරණය වි නොමැත. 

 

Rate this item
(0 votes)