May 08, 2024

චන්ද්‍රිකා ‘මිස්ට ප්‍රභාකරන්‘ කීවේ හැදියාව පෙන්වන්නයි

තමන්ගේ එක ඇසක් පමණක් නොව ජීවිතය පවා උදුරා ගැනීමට මාන බලපු ත්‍රස්තවාදී එල්ටීටීඊ සංවිධානයේ නායක ප්‍රභාකරන්ට පවා ගෞරවකර කතා කිරීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ සිංහල බෞද්ධ හැදියාවේ උදාර ලක්ෂණයක් යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (01) මාතර, දෙවිනුවර, නීල්වැල්ලේ පැවැති ජන හමුවක් අමතමිනි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය  උතුරේ පැවැති රැස්වීමකදී ඉංග්‍රීසී භාෂාවෙන් පැවැත්වූ කාතාවකදී ‘මිස්ට ප්‍රභාකරන්‘ යනුවෙන්  ඇමැතීම මහා දේශද්‍රෝහී  ක්‍රියාවක ලෙස ආණ්ඩුවේ මාධ්‍ය විසින් හඳුන්වා දීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් අදහස දැක්වීමේදී මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

එහිදී අදහස් දැක්වූ මංගල සමරවීර මහතා, “මහා වංශයේ පවා අපට පෙන්වා දී ඇත්තේ රට එක්සේසත් කළ දුටු ගැමුණු මහ රජතුමා  විසින් ද්වන්ද සටනකදී තමා අතින් මරණයට පත් වූ දෙමළ ජාතික එළාර රජු වෙනුවෙන් සොහොන් කොතක් තනා ඒ අසලින් යන සියළු දෙනා ඊට ගෞරව දැක්වියයුතු බවට ආඥාවක් පැනවීමෙන් පෙන්නුම් කරන්නේ සිංහල බෞද්ධ හැදියාවයි.“

එම හැදියාව වර්තමානයේදි පවා ප්‍රදර්ශනය කරමින් තමාව විනාශ කිරීමට උත්සහ කළ, තමාගේ ඇසක් උදුරගත් ත්‍රස්ත නායකයකුට 'ප්‍රභාකරන් මහත්මයා' යයි ආමන්ත්‍රණය කිරීම, බණ්ඩාරනායක මැතිනියගේ සිංහල බෞද්ධ හැදියාව ප්‍රදර්ශය කිරීමක් බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. 

 

Rate this item
(0 votes)