May 07, 2024

ඊළම එපා- මන්නාරම රදගුරු ‍| ඒකීය රටක ජීවත් වෙමු - මෛත්‍රී

December 31, 2014

තමන් හෝ ද්‍රවිඩ ජාතික සන්ධානය ඊළාම් රාජ්‍යක් නොපැතූ බව මන්නාරම රදගුරු රායප්පු ජෝසප් පියතුමා සඳහන් කරයි.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ හමුවූ අවස්ථාවේදී පියතුමා මේ බව පැහැදිළි කළේය.

මන්නාරම පැවැති ජන රැළියට පෙර මෙම හමුව සිදු වූ අතර එම අවස්ථාවට හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරුන් වන රවී කරුණානායක මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ඒකීය රටක්‌ තුළ සමානාත්මතාවකින් ජීවත්වීම ද්‍රවිඩජනතාවගේ ප්‍රාර්ථනාව බව රදගුරු රායප්පු ජෝශප්පියතුමා පෙන්වා දුන් අතර එහිදී මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ මාතෘ භූමිය තුළ ජීවත්වන සිංහල, දෙමළ, මුස්‌ලිම්ඇතුළු සියලු ජාතීන්ට ඒකීය රටක යහපාලනයක්‌ යටතේ ජීවත්වීමේ හැකියාව තමන් උදාකරන බවයි.

Rate this item
(0 votes)
Last modified on Thursday, 01 January 2015 10:25