May 07, 2024

නිදහස් ව්‍යාපාරික පසුබිමක් - මෛත්‍රීගෙන් පොරොන්දුවක්

December 31, 2014

ව්‍යාපාරිකයින්ට නිදහසේ සිය ව්‍යාපාර කිරීමට හැකි පසුබිමක් සිය පාලනයක් යටතේ ඇති කරන බව පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. මෛත‍්‍රීපාල සිරිසේන මහතා මන්නාරම ප‍්‍රදේශයේ පැවති ජනහමුවකටඑක්වෙමින් මේ බව සඳහන් කළ අතර එහිදී  ජාතික සමගිය ඇති කිරීමට ද තමන් ප‍්‍රමුඛත්වයක් දී කටයුතු කරන බවත් සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේ “මේ රටේ ජනතාව ලක්ෂ100කට වඩා බඩගින්නේ ඉන්නවා,තුන් වේල කන්න නැතුව. ගොවි ජනතාවට ප්‍රශ්න රාශියක් තිබෙනවා. වකුගඩු රෝගය අද රට පුරාම වෙලාගෙන තිබෙනවා. ඒ වගේම ධිවර ජනතාවගේ ප්‍රශ්න ගැන මේ ආණ්ඩුව බැලුවේ නැහැ. අපි ඉතාම පැහැදිලිව ධිවර ජනතාවට විශ්‍රාම වැටුප් ක්‍රමයක් සකස් කරනවා. දේශීය ධිවර ජනතාවට තමන්ගේ කර්මාන්තය වැඩි දියුණු කරන්න අවශ්‍ය සියලු පහසුකම් ලබා දෙනවා.”යනුවෙනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 31 December 2014 10:36