May 06, 2024

2005 දීත් 2010 දීත් කව්රුත් හිටියේ නැහැ

December 31, 2014

අවස්ථාවාදී පිරිස් කුමක් කළ ද රටේ ජනතාව සත්‍ය හොඳින් අවබෝධ කරගෙන කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අත්තනගල්ලේ පැවැති ජන රැළියක් අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සැදී ඇති ආකාරයට ලේකම්වරු වැඩිපුර දවසක් නොසිටින බව  පෙන්වා දෙන ජනාධිපතිවරයා ලේකම්වරු වශයෙන් සිටි 13 දෙනාගෙන්06 දෙනෙකුට වැඩිය පක්ෂය හැර ගොස් ඇති බවද සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ “ 2005 අපට ඔය කව්රුවත් හිටියේ නැහැ. රටේ ජනතාව විතරයි හිටියේ.2010 අපට ජනතාව හිටියා. අදත් අපට ජනතාව ඉන්නවා කියන එක සක්සුදක් සේ පැහැදිලිවෙලා පේනවා. මේ මැතිවරණයේදී ඡන්දය දෙන්නේ ඔබට විතරක් නෙවෙයි. ඔබගේ දරුවන් වෙනුවෙන්. අනාගත පරපුරක් වෙනුවෙන් මේ රට සුරක්ෂිත කරන්නට”. යනුවෙනි.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 31 December 2014 10:12