May 07, 2024

ලැබූ සාමය අමිහි කරගන්න එපා - ආරක්ෂක ලේකම්

December 30, 2014

වෙනසක් අවශ්‍ය යැයි පවසන අය ලබා තිබෙන සාමය හා සංවර්ධනය අහිමි කිරීමට සූදානම් වන බව ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජනාධිපතිවරයා ලබා දී තිබෙන වෙනස අහිමි කර, වෙනත් වෙනසක් පසුපස ගොස් ලබාගත් ජයග්‍රහණය අහිමිකර නොගන්නා ලෙසද හෙතෙම ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.
අද (30දා) පස්වරුවේ අලුත්කඩේ රණසිංහ ප්‍රේමදාස පිළිරුව අසල පැවැති පාසල් ළමුන්ට අභ්‍යාස පොත් හා ත්‍යාග ලබාදීමේ උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
 

Rate this item
(0 votes)