May 07, 2024

පොළොන්නරුවේ පූජ්‍ය පක්ෂයත් දෙපැත්තක්

December 30, 2014

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තෙවන ධූර කාලයටත් සහය පළ කරමින් අද සවස දියත් වූ අත්පත්‍රිකා බෙදා හැරීමේ ව්‍යාපාරයකට විරෝධය පෑමත් සමග කඳුරුවෙල නගරයේදී උනුසුම් තත්ත්නයක් ඇති විය.
පොළොන්නරුව නගරයේ සිට භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙලෙස අත්පත්‍රිකා බෙදා හරිමින් කඳුරුවෙල නගරය වෙත පැමිණ තිබූ අතර එහිදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය පළ කරමින් පැමිණි භික්ෂූණ් වහන්සේලා සහ මුස්ලිම් පූජකවරුන් පිරිසක් ඊට විරෝධය පාමින් නගරයේ ප්‍රධාන මාර්ගය මැද හිඳගනිමින් අත්පත්‍රිකා බෙදා හැරීම අවහිර කර ඇත.
මෙම අවස්ථාවේදී ඇති වීමට ගිය උනුසුම් තත්ත්වය පොලිසිය මැදිහත්ව පාලනය කර තිබේ. මේ හේතුවෙන් පැය 03 ක පමණ කාළයක් නගරයේ සියළුම කඩ සාප්පු වසා තිබූ බවද සඳහන්.
කෙසේවෙතත් තත්ත්වය මේ වන විට පාලනය කර තිබෙන අතර ඉදිරියේදී ඇති වීමට හැකි තත්ත්වයන් සම්බන්ධයෙන්ද පොලිසිය සීරුවෙන් සිටින බවත් වාර්තා වේ.
පොළොන්නරුව - සමීර ධනංජය
 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 December 2014 22:44