May 06, 2024

තුවක්කුවකට කරන්න බැරි දේ මෛත්‍රී වව්නියාවේදී කියයි

December 30, 2014

තුවක්කුවකට පුළුවන් තවත් තුවක්කුවක් නවත් වන්නට පමණක් බවත් තුවක්කුවකට ජනතාවගේ අදහස් මකන්න බැරි බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා අද වවුනියාවේදී ප්‍රකාශ කළේය.
වත්මන් රජය විසින් ගොවි ජනතාවට ලබා දෙන පොහොර සහනාධාරය ව්‍යාජ බවත් එම පොහොර නියමිත ප්‍රමිතියකින් තොරව ලබා දෙන බැවින් වකුගඩු රෝගයන්ට ජනතාව මුහුණ දෙන බවත් විපක‍ෂයේ පොදු අපේක‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
පොදු අපේක‍ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කියා සිටියේ අද වව්නියාව වයිරවපුලියන් කුලම් යන්ස්ටාර් ක්‍රීඩාංගනයේදී පැවති ජන රැලියට සහභාගී වෙමින්.
මෙම රැලියේදී වැඩිදුරටත් අදහස් දැකුවූ මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ “ යුද්දෙන් පසුව අපි බලාපොරොත්තු වුනා මේ රජය හොඳ ගමනක් යයි කියලා. නමුත් ඒක එහෙම වුනේ නැහැ. අපි කියපු කිසිම දෙයක් ඇහුවේ නැහැ. තුවක්කුවකට පුලූවන් තවත් තුවක්කුවක හඩක් නවත් වන්න විතරයි. තුවක්කුවකට බැහැ ජනතාවගේ අදහස් මකන්න. මේ රටේ ජනතාවගේ ප්‍රශ්නය තේරුම් ගන්න ඕන. සිංහල ,දමිළ, මුස්ලිම් සියලූ දෙනා එක්ව සහෝදරත්වයෙන් වැඩ කරන ක්‍රමය හදන්න ඕන”. යනුවෙනි.
මෙම අවස්ථාවට වත්මන් රජයේ හිටපු අමාත්‍යවරුන් වන පාර්ලිමේනතු මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතා සහ රාජිත සේනාරත්න මහතා ද සරත් ෆොන්සේකා මහතා ,අමීර් අලී ඇතුලූ පිරිසක් එක්ව සිටියහ.
වන්නි - රොමේෂ් මධුෂංක
 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 30 December 2014 22:49