May 07, 2024

ආණමඩුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකයකවරයාට පහරදීමක්   

December 30, 2014

ආණමඩුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායකවරයාට කැබ් රථයකින් පැමිණි පිරිසක් පහර දී ඇති බව මුන්දලම පොලීසිය පවසයි.

අද (30) අළුයම 2.30 ට පමණ මුන්දලම පොලිස් වසමේ මහකුඹුක්කඩවලදී මෙම ප්‍රහාරය එල්ලවී ඇත.

තමන් වාහනයකින් ගමන් කරමින් සිටින විට කැබ් රථයකින් පැමිණි තිදෙනෙකු තම මග හරස් කර නවතා ඉන් බැස විත් තර්ජනය කර තමන්ට පහර දී වම් අත කඩා දැමූ බව සිද්ධියට මුහුණ දී ඇති ආණමඩුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක එම්.ජේ. ප්‍රේමසිරි මහතා මුන්දලම පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.

තමන්ට පහර දුන් අය නැවත දුටුවොත් පමණක් හදුනා ගත හැකි බවද විපක්ෂ නායකවරයා පොලීසියට පවසා ඇත.

මේවන තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන නොමැති අතර මුන්දලම පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි. 

පුත්තලම -  ජුඩ් සමන්ත.

 

Rate this item
(0 votes)