May 20, 2024

මේවා හරි යන්නේ නෑ 

වැලිමඩ නගරයේ දී අද මෝටර් රථ පරීක්ෂකවරු සිදු කළ පරීක්ෂාවක දී මාර්ගයේ ධාවනයට නුසුදුසු තත්ත්වයේ වාහන 43 ක් සඳහා තහනම් නියෝග නිකුත් කර ඇත.

ඒ සඳහා පෞද්ගලික බස් රථ 13 ක් සහ ලංගම බස් රථ 03 ක් ද ඇතුළත් ව තිබේ.

වැලිමඩ පොලීසියේ ද සහයෝගය ඇති ව එම පරීක්ෂා කිරීම් සිදු කළ අතර එම වාහනවල වැරදි දින 10 ක් තුළ නිවැරදි කර ගන්නා ලෙස ද නියෝග කර තිබේ.

ප්‍රේමලාල් රත්නායක 

Rate this item
(1 Vote)