May 06, 2024

ප්‍රභාකරන්ගේ උපන් දිනය අද - යාපනයේ ආරක්ෂාව තර කෙරේ

November 26, 2014

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය අදට යෙදී ඇති හෙයින් හෙට (27) දිනයේදී එම සංවිධානයේ මහවිරු දිනය නිමිත්තෙන් උතුරේ සෑම ස්ථානයකම දැඩි ආරක‍ෂක වැඩ පිළිවලක් දියත් කිරීමට උතුරේ ආරක‍ෂක අංශ විසින් පියවර ගෙන ඇත.

2009මැයි මස 19වනදා නන්දිකඩාල් කලපුවේදී එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් යද හමුදා ප්‍රහාරයන් හමුවේ මිය ගිය අතර ඉන් අනතුරුව මෙරට ත්‍රස්තවාදයද සහමුලින්ම තුරන් විය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය සම්පූරණයෙන්ම තහනම් වූ වාතාවරණයක් තුළ උතුරේ කුමණ හෝ පුද්ගලයෙකු විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන් හෝ එම සංවිධානය සමරන්නේ නම් ඔවුන් අත්අඩංගුවට ගැනීමට උතුරේ ආරක‍ෂක අංශ විසින් පියවර ගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ජංගම මුර සංචාරක සේවාවන් ක්‍රියාත්මක කරමින් පළාතේ ආරක්ෂාව සුරකීමට පියවර ගන්නා බැව්ද ප්‍රදේශය භාර උසස් පොලිස් නිළධාරීන් පවසයි.

වන්නි - රොමේෂ් මධුෂංඛ

Rate this item
(0 votes)
Last modified on Wednesday, 26 November 2014 13:20