May 06, 2024

ජනපතිවරණයේදී මැද පෙර දිග ශ්‍රමිකයන්ට අන්තර්ජාලයෙන් ඡන්දය අයිතිය!

November 26, 2014
විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට මැතිවරණවලදී ඡන්ද ප්‍රකාශ කිරීමට අවස්ථාව සැලසිය යුතු බවට දේශපාලන පක්ෂ මෙන්ම විවිධ සංවිධානද ඉල්ලා සිටිති.විශේෂයෙන්ම මැද පෙර දිග රටවල සේවය සඳහා ගොස් සිටින ශ්‍රී ලාංකිකයන්ට එම අවස්ථාව හිමි විය යුතු බවත් ඔවුන්ට අන්තර් ජාලය ඔස්සේ ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දිය යුතු බවත් ඔවුන්ගේ ශුභ සාධනය වෙනුවෙන් පෙනී සිටින එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනායක මැතිවරණ කොමසාරිස්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලීමක් කරයි.
 
මැද පෙර දිග සේවයේ නිරත ශ්‍රී ලාංකිකයන් මේ වන විට වසරකට ඩොලර් බිලියන අටක පමණ මුදලක් ශ්‍රී ලංකාවට එවන අතර එය ඩොලර් බිලියන දහය දක්වා වැඩි කර ගැනීමට ප්‍රයත්න දරන අවස්ථාවක ඔවුන්ට රජය විසින් වටිනාකමක් ලබා දිය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.
තීරණාත්මක වෙනසක්ලක්ෂ විස්සක් පමණ පිරිසක් මැද පෙර දිග රටවල සේවයේ නිරතව සිටින බව පැවසූ රාමනායක මන්ත්‍රීවරයා ඔවුන්ට ජනාධිපතිවරණයක දී තීරණාත්මක වෙනසක් ඇති කිරීමට හැකි බව ප්‍රකාශ කළේය.තමන්ට අවාසිදායක නිසා බලධාරීන් විදෙස් ශ්‍රමිකයන්ට ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීමට අවශ්‍ය කටයුතු සම්පාදනය නොකරන බවටයි රන්ජන් රාමනායක එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරයා චෝදනා කරන්නේ.
 
ඔවුන්ට ඡන්ද ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දිය යුතු බව ප්‍රතිපත්තියක් හැටියට පිළිගන්නා බව පවසන මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය, ඒ සඳහා ක්‍රමය සකස් කිරීම ව්‍යවස්ථාදායකය විසින් සිදු කළ යුතු බව පැවසුවේය.මේ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රමවේදය කුමක්දැයි අදහස් දන්වා එවන ලෙස ඉල්ලා සිටියත් එවන් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි ඔහු ප්‍රකාශ කළේ.“ඡන්දය පෙට්ටියේ දාල දෙන එකත් වෙනස් කරනවයි කියන රටේ අන්තර් ජාලයේ ඡන්ද ලකුණු කරන්න දෙන්න හැකිද?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
(BBC)
Rate this item
(0 votes)
Last modified on Thursday, 27 November 2014 08:15