May 06, 2024

මහනුවර එජාප මන්ත්‍රීගේ කාර්යාලයට වෙඩි

November 26, 2014
මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එච්.ඒ.හලීම් ගේ මාවිල්මඩ පිහිටි කාර්යාලයට ඊයේ  අලුයම වෙඩි ප්‍රහාර තුනක් එල්ල කොට ඇත.  ප්‍රහාරයෙන් කාර්යාලයේ ජනෙල් සහ බිත්ති වලට අලාභ සිදු ව ඇත.  විපක්ෂයේ පොදු අපේක්ෂකයා වශයෙන් හිටපු අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සිය අපේක්ෂකත්වය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ගිණි අවි භාවිතයෙන් සිදුවූ සිව්වන ප්‍රචණ්ඩක්‍රියාව ද, හය වන ප්‍රචණ්ඩක්‍රියාව ද මෙය බව කැෆේ සංවිධානය පවසයි.මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහනුවර සංචාරයේ දී මහනුවර මුස්ලිම් දේවස්ථානය වෙත ගොස් ආශිර්වාද ලබා ගැනීමේ අවස්ථාව සංවිධානය කරනු ලැබූවේ පාර්ලිමේන්තු මන්ත්‍රී හලීම් මහතා විසිනි. 
Rate this item
(0 votes)