May 06, 2024

බිළිදාට වස පොවා පියාත් බොයි - බිළිඳා මරුට

November 26, 2014

තම බිළිඳාට වස පොවා පියාත් වස පානය කර සියදිවි හානි කරගැනීමට තැත් කිරීමේ උත්සාහක් පිළිබඳ මඩු, කච්චනාමරදමඩු ප්‍රදේශයෙන් වාර්තා වෙයි.

විෂ ශරීරගත වු බිළිඳා‍ ප්‍රතිකාර සඳහා පෙරියපන්ඩි, විරිච්චාන් රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී බිළිඳා මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.මියගිය බිළිඳාගේ මව ද මාස කිහිපයකට පෙර වස පානය කර සියදිවි හානි කර ගෙන ඇතිඅතර මේ හේතුවෙන් ඇතිවු සිත්තැවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය අනාවරණය කරගෙන ඇත. මියගොස් ඇත්තේ අවුරුදු එකහමාරක් වයසැති බිළිඳෙකු බව සඳහන්.

වස පානය කළ පියාපෙරියපන්ඩි, විරිච්චාන් රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා මන්නාරම රෝහලට ඇතුළත් කර තිබේ.

Rate this item
(0 votes)