May 06, 2024

ඇමතිට අපි බය නෑ! අලුත් බලපත්‍ර ගත්තට ඉන්ධන බවුසර් හදන්න මාස 6ක් යනවා Featured

තම සංගමය බලශක්ති අමාත්‍යවරයාගේ තර්ජනවලට බිය නොවන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමයේ සම ලේකම් ඩී. වී. ශාන්ත සිල්වා මහතා පවසනවා.

පෞද්ගලික ඉන්ධන ටැංකි රථ හිමියන්ගේ බලපත්‍ර හැකිනම් අහෝසි කර පෙන්වන ලෙස එම සංගමය බලශක්ති ඇමතිවරයාට අභියෝග කරනවා.

නව බලපත්‍ර ලබාදෙන්නේ යැයි කියන සුරංගනා කථාවලට ටැංකි රථ හිමියන් බිය නොවන බව පෙන්වා දෙන ශාන්ත සිල්වා මහතා නව බලපත්‍රයක් ගෙන ටැංකි රථයක් ධාවනයට එක්කිරීමට අඩුම තරමින් මාස හයක්වත් ගතවන බවත් කියා සිටියා.

ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරීන් ඇමතිවරයාව නොමඟ යවා තිබීම නිසා එතුමා ගැන කණගාටු වන බවයි ශාන්ත සිල්වා මහතා ප්‍රකාශ කළා.

ටැංකි රථ හිමියන් සියලු දෙනා බලපත්‍රය විකුණා මුදල් බැංකුවේ තැම්පත් කර ජීවත්වීමට සූදානම් බව ද සඳහන් කළා.

ඉන්ධන මිල වැඩීමත් සමඟ ඉන්ධන ටැංකි රථ ගාස්තු වැඩි කිරීමේ මිල සූත්‍රයට අනුව කටයුතු කළේ නම් කිසිඳු ප්‍රශ්නයක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආණ්ඩුව මර්දනය තෝරාගන්නේ ටැංකි රථ හිමියන් 6 වැනිදා පවත්වන දැවැන්ත වර්ජනයට එකතු වන බවද ශාන්ත සිල්වා මහතා වැඩි දුරටත් පැවසුවා.

Rate this item
(0 votes)