May 06, 2024

ගොඩහේවා තීරණය රිවස් කරයි : හේතුව කියයි

නව ජනමාධ්‍ය ඇමැති නාලක ගොඩහේවා මහතා එම ඇමැති ධුරයේ ඉදිරියටත් රැඳී සිටීම සම්බන්ධයෙන් සිය ස්ථාවරය ප්‍රකාශ කොට තිබෙනවා.

ඉකුත් 18 වැනි දින නව ඇමතිවරුන් දිවුරුම් දුන් අවස්ථාවේ ගොඩහේවා මහතා ජනමාධ්‍ය ඇමැති ධුරයේ දිවුරුම් දුන්නා.

ඉල්ලා අස්වීමේ ලිපිය

එහෙත් තමා එම ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමට කැමැති බව ඉකුත් 20 දා ඔහු ජනපතිවරයා වෙත ලිපියකින් දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඊට හේතුව ගොඩහේවා මහතා පෙන්වා දෙනවා.

තමා එසේ කැබිනට් ඇමති ධූරයෙන් ඉල්ලා අස් වූයේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ වලින් සමන්විත ජනතා විශ්වාසය දිනාගත හැකි කැබිනට් මණ්ඩලයක් පත් කිරීම මේ අවස්ථාවේ ගත යුතු වඩාත් සුදුසුම පියවර ලෙස තමන් විශ්වාස කළ නිසා බවයි ඔහු අවධාරණය කරන්නේ.

ඒ සඳහා පූර්වාදර්ශයක් සැපයීම සඳහා තමා එසේ කැබිනට් ඇමති ධූරයෙන් ඉල්ලා අස් වූ බව ඔහු පෙන්වා දෙනවා.

ජනපතිවරයාගේ ස්ථාවරය

එහෙත් ජනපතිවරයා එම ඉල්ලීම පිළි නොගත් බව ගොඩහේවා මහතා සඳහන් කරනවා.

ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ ඉන් පසුව ජනපතිවරයා සමඟ දීර්ඝ ලෙස පැවැත්වූ සාකච්ඡා වට 2 කින් පසු තව දුරටත් ජනමාධ්‍ය ඇමති ධුරයේ කටයුතු කිරීමට තීරණය කළ බවයි.

ඉදිරියේදී වඩාත් සාධනීය වෙනස්කම් රජය තුළ සිදු කිරීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා වූ බවත් ඒ සඳහා කාලය ලබාදීම සඳහා බාරගත් වගකීම ඉටුකිරීම සඳහා තව දුරටත් ජනමාධ්‍ය ඇමැති ධුරයේ රැඳී සිටීමට තීරණය කළ බව ඔහු සඳහන් කරනවා.

Rate this item
(3 votes)