May 06, 2024

අගමැති වැරැද්ද පිළි ගනී : විපක්ෂ නායක මතය ප්‍රතික්ෂේප වෙයි

මීට ටික දිනකට පෙර ජනපතිවරයා ආරක්ෂක මණ්ඩලයේ කැඳෙව්වා.

ඒ රඹුක්කනදී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට.

විපක්ෂ නායක හෙලිදරව්ව

ඊට අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කර නොතිබූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුව හමුවේ ප්‍රකාශ කළා.

ඔහු ඒ බව ප්‍රකාශ කළේ හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා එවකට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාව ආරක්ෂක මණ්ඩල රැස්වීම් වලට නොකැඳවූ ආකාරයද සිහිපත් කරමින්.

විපක්ෂ නායකවරයාගේ එම ප්‍රකාශයට ඒ අවස්ථාවේ සභා ගැබේ සිටි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පිළිතුරු දුන්නා.

අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රතිචාරය

අග්‍රාමාත්‍යවරයා එහිදී සඳහන් කළේ තමන්ට ආරක්ෂක මණ්ඩල රැස්විමට ආරාධනා කරමුත් තමන්ට ඊට සහභාගී වීමට නොහැකි වූ බවයි.

ඒ නිසා වැරැද්ද තිබෙන්නේ තමා අතේ බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ.

එහෙත් එහිදී සිදු වූ සාකච්ඡාව පිළිබඳව තමා පසුව දැනුවත් වූ බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා.

Rate this item
(1 Vote)