May 09, 2024

“ගෝඨා ගෝ හෝම්” කියන්නේ ගෝඨාභයට යන්න නෙමෙයි – අරගලයේ අරමුණ ගැන හිටපු අගමැති ලේකම් කියයි

මේවන විට “ගෝඨා ගෝ හෝම්” යනුවෙන් අරගල කරන තරුණයින් කියන කතාවේ යටි අදහස ගැන හිටපු අගමැති ලේකම්වරයෙකු වන එස්. අමරසේකර මහතා අදහස් පළ කර තිබෙනවා.

ඔහු පෙන්වා දෙන්නේ අරගල කරන තරුණයින්ගේ අදහස තුළ වචන වලට පෙරළුනේ නැති අදහසක් තිබෙන බවයි.

“ගෝඨා ගෝ හෝම්” කියා තරුණයින් ප්‍රකාශ කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරයෙන් ඉවත් වීම ගැන හෝ මන්ත්‍රීවරුන් 225 ඉවත් වීම ගැන නොවන බවත් ඔවුන් කියන්නේ “සිස්ටම් එක එපා” කියන අදහස බවත් අමරසේකර මහතා ප්‍රකාශ කළා.

එම අදහස තේරුම් ගන්නේ නැතිව අගමැතිවරයා ඉවත් කර විශ්වාසභංග ගෙන ඒම පලක් නොවන බවත් පෙන්වා දුන් අමරසේකර මහතා අලුත් අගමැතිවරයෙක් පත් කර ගත්තද එය පිළිගැනීමට තරුණයින් සූදානම් නැති බවක් තමා පෙනී ගොස් ඇතැයිද කියා සිටියා.

තරුණයින් වචන වලින් කියන දේට වඩා ඔවුන්ගේ අදහස් වල ගැබ් වී ඇති දේ තේරුම් ගත යුතු බවයි ඔහු සඳහන් කරන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපති ධූරයෙන් හිතූ ලෙස ඉවත් විය නොහැකි බවත් ඊට හේතුව වන්නේ ජනතාව එතුමාට විශාල බලයක් සහ වගකීමක් පවරා ඇති නිසා බවත් හිටපු අගමැති ලේකම්වරයා අවධාරණය කරනවා.

අන්තර්වාර පාලනයකින්, මැතිවරණයකින් හෝ රාජපක්ෂලා ඉවත් කර මේ ප්‍රශ්නය විසඳිය හැකි බවට කරන ප්‍රකාශ තමන්ගේ වාසියට සිදුකරන දෙයක් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ගුවන් විදුලි නාලිකාවක පැවැති වැඩසටහනකට එක්වෙමිනි.

Rate this item
(4 votes)