May 07, 2024

විපක්ෂය කෑම පැයටත් ඡන්දයක් ඉල්ලයි

මේ දිනවල පාර්ලිමේන්තුව ඉතා උණුසුම්.

ඒ විපක්ෂයෙන් පමණක් නොව ආණ්ඩුව නියෝජනය කළ ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම් වෙතින් ආණ්ඩුවට එල්ල වන විරෝධ මත නිසා.

දිවා ආහාරය

ඉන් ගැලවීම සඳහා මේ දිනවල ආණ්ඩුව නොගන්නා උත්සාහයක් නැහැ.

ඊයේද (20) එවැනි සිද්ධියක් සිදු වූයේ දවල් ආහාර පැය මුල් කොටගෙන සමගි ජන බලවේගය ඡන්දයක් ඉල්ලීම මුල් කොටගෙන.

ඒ ඊයේ (20) පැවැති විවාදය දිවා ආහාරයට නතර නොකොටම කරගෙන දිගටම පවත්වාගෙන යා යුතු බවට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයා වෙත යෝජනාවක් කළා.

කතානායක හා සභානායක

ඊට කතානායකවරයා මෙන්ම ආණ්ඩුව පාර්ශ්වය නියෝජනය කරන සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතා සිය විරෝධය මතු කළේ දිවා ආහාර පැය සදහා පාර්ලිමේන්තුව අත්හිට විය යුතු බව සදහන් කරමින්.

ඒ අවස්ථාවේ නැගී සිටී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කතානායකවරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කළා.

ඒ දිවා ආහාරය සඳහා පාර්ලිමේන්තුව නතර කරනවාද නැද්ද යන්න තීරණය කිරීමට ඡන්දයක් පවත්වන ලෙසටයි.

විපක්ෂ නායක ප්‍රතිචාරය

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ රටේ ජනතාවට කන්න නැති මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මොන කෑමක්ද යන්නයි.

එම යෝජනාවට විරුද්ධ වූ කතානායකවරයා සඳහන් කළේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් විමසිය නොහැකි බවත් එම තීන්දුව ගත යුත්තේ කැබිනට් ඇමතිවරයෙකු බවයි.

ඒ අවස්ථාවේ සුවිශේෂී සිදුවීමක් සිදු වුනා.

හිටපු ඇමති මැදිහත්වීම

ඉකුත් 4 දා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් වු කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මැදිහත් වීමයි.

ආණ්ඩුව පාර්ශවයේ අසුන්ගෙන සිටි ඔහු සඳහන් කළේ මොන කෑමක්ද මේක දිගටම කරගෙන යමු කියායි.

සිය ආණ්ඩුවේ ජේෂ්ඨ සගයෙක්ගෙන් ලැබුණු එම ප්‍රතිචාරය හමුවේ සභා නායක දිනේෂ් ගුණවර්ධන මහතාට පසු බැසීමට සිදු වුණා.

සභානායක ප්‍රතිචාරය

ඔහු අකමැත්තෙන් මෙන් දිවා ආහාරය සඳහා නොනවත්වා පාර්ලිමේන්තුව දිගටම පවත්වාගෙන යෑමට සිය එකගතාවය පළ කළේ විපක්ෂයට නෝක්කාඩුවක්ද නගමින්.

එහිදී ගුණවර්ධන මහතා සඳහන් කළේ අපි බලමු විපක්ෂයේ පැත්තේ මන්ත්‍රීවරු කී දෙනෙක් මේ පැයේ සභා ගැබේ රැඳී සිටිනවාද , විපක්ෂය මේ කරන්නේ බොරුවක් කියායි.

Rate this item
(1 Vote)