May 04, 2024

මාර වැඩේ ජොනීට වුණේද : අනිත් තනතුරත් නැති වෙයි

ඇමති ධූරය අහිමි වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් ආණ්ඩුව වෙනුවෙන් පෙනී සිටි අතලොස්සෙන් කෙනෙක්.

ඔහුට ඇමතිධුරය අහිමි වීමත් සමඟ තවත් තනතුරක් ද නැති වී තිබෙනවා.

අහිමි වූ තනතුර

ඒ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරයයි.

නව කැබිනට් මණ්ඩල සංශෝධනයත් සමඟ ආණ්ඩු පක්ෂයේ නව සංවිධායකවරයා ලෙස ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයාව පත් කොට තිබෙනවා.

ඊයේ (18) පැවති පාර්ලිමේන්තු කාරක සභා රැස්වීමකට ඔහු එම තනතුර නියෝජනය කරමින් සහභාගි වුණා.

ඉදිරි පෙළ අසුන

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස පාර්ලිමේන්තුවේ ඉදිරි පෙළ අසුනක් හිමිවයි තිබුනේ.

එම අසුනද අද (19) පාර්ලිමේන්තුව රැස්වන අවස්ථාවේ අහිමි වීමට නියමිත අතර එය තව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයා වන ප්‍රසන්න රණතුංග මහතාට හිමි වනු ඇති.

Rate this item
(0 votes)