May 20, 2024

රටින් ගේන භාණ්ඩ ගැන යළි තීරණයක්! ගැසට්ටුවත් එයි

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ 367 කට පනවනු ලැබ ඇති ආනයන තහනම රජය විසින් තවදුරටත්  දීර්ඝ කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් පසුගිය 9 වෙනිදා නිකුත් කර තිබෙනවා.

ඇපල් දොඩම්, මිදි, චීස්, බටර් ඇතුළු ආහාර ද්‍රව්‍ය සහ විද්‍යුත් උපකරණ ඇතුළු භාණ්ඩ සඳහා මෙම ආනයනික තහනම පනවනු ලැබුවා.

රටේ ආර්ථික ස්ථායිතාව සැලකිල්ලට ගෙන මෙම තීරණය ගන්නා ලදැයි මුදල් අමාත්‍යාංශය පවසනවා.

Rate this item
(1 Vote)