ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරන බව එම පක්ෂයේ සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
එම මන්ත්‍රී කණ්ඩායමට මන්ත්‍රීවරුන් 14 දෙනෙකු ඇතුළත්.
මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව දැනුම් දුන්නේ පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින්.
තමන් ජනපතිව සිටිද්දී ගෙන ආ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි ස්ථාපිත කරන ලෙසට හිටපු ජනපතිවරයා පාර්ලිමේන්තුවට යෝජනා කළා.