May 08, 2024

හිටපු මතභේදාත්මක අග විනිසුරු යලි කරළියට : ස්වාධීන වන මන්ත්‍රීවරුන්ට අවශ්‍ය උපදෙස් දෙයි

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ස්වාධීන වීමට තීන්දු කොට අවසන්.

එහෙත් ඊට බාධාවකට තිබෙන්නේ ඒ සම්බන්ධයෙන් ඇති නීති ප්‍රශ්නයි.

නීති ප්‍රශ්නය

ඒ නීති ප්‍රශ්න සම්බන්ධයෙන් අදාල මන්ත්‍රී කණ්ඩායම හිටපු අග විනිසුරුවරයෙකුගෙන් උපදෙස් ලබා ගෙන ඇති බව දැනගන්නට තිබෙනවා.

ඒ සරත් එන් ද සිල්වා මහතාගෙන්.

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හට සිය හෘද සාක්ෂියට අනුව ස්වාධීන වීමට අයිතිය පවතින බව ඔහු අදාළ මන්ත්‍රී පිරිස වෙත දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

නීතිමය තත්ත්වය

ඒ අනුව වත්මන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය නම් ස්වාධීනව කටයුතු කිරීමේ කිසිදු නීතිමය බාධාවක් නොමැති බවට අදාළ මන්ත්‍රී කණ්ඩායම සරත් එන් ද සිල්වා මහතා විසින් දැනුවත් කොට තිබෙනවා.

පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට සූදානම් වන ආණ්ඩු පක්ෂයේ පළමු මන්ත්‍රී කණ්ඩායමට මන්ත්‍රීවරු 10 දෙනෙකු ඇතුළත් වන බවයි වාර්තා වන්නේ.

සරත් එන් ද සිල්වා මහතා මතභේදාත්මක අග විනිසුරුවරයෙක්.

මතභේදාත්මක තීන්දු

ඔහු මහින්ද රාජපක්ෂ පාලන සමයේදී අග විනිසුරුවරයා ලෙස මතභේදාත්මක තීන්දු රැසක් ලබා දුන්නා.

ඛනිජ තෙල් මිල වැඩි කළ අවස්ථාවක ඊට එරෙහිව ඉදිරිපත්වු පෙත්සමක් සලකා බලා පෙට්‍රල් ලීටරය රු. 100 ට අලෙවි කළ යුතු බවට ඔහු දුන් තීන්දුව ඉන් එකක්.

Rate this item
(3 votes)
Last modified on Monday, 28 March 2022 16:09