නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, බීමතින් රිය පැදවීමේ චෝදනා මතයි.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා සිය නිල රථයෙන් තලවකැළේ නගරයේ දී ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, තලවකැළේ පොලීසියට ලද පැමිණිල්ලකට අනුවයි.
නගරයේ සිටි පුද්ගලයින් කිහිප දෙනෙකු සමග සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා බහින්බස්වීමක් ද සිදු කරගෙන ඇති බවටයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඊයේ රාත්‍රියේ ම පොලිස් ඇප මත මුදා හැර තිබෙනවා.